Saturday, June 25, 2011

මනුස්සකම,සාධාරණය,යුක්තිය හා සත්‍ය අගයන කාගේත් අවධානයටයි.| 2 වන කොටස

    බුදු දහමේ පරම නිෂෟඨෘව වන නිවණ හෙවත් නිවීම යන්නෙහි දැබෑ අර්ථය නම් අසා, දහම දැනගත් තැනැත්තා සහ තැනැත්තිය මිනිස් ජීවිතයක වටිනාකම තේරුම් ගෙන සංසාරේ ගැඹුර හා නිමාවක් නැති බවද  හොදින් වටහා ගෙන , එයින් මිදීමට හෝ නිදහස් වීමට නම් කයින් හෝ වචනයෙන් කිසිදු පාපයක් සිදු නාවීමට "සිත" ශක්තිමත්ව තබා ගැනීමට සිහිණුවනින්ම කටයුතු කරමින් ඉවසීම ප්‍රගුණ කොට යුතුකම් හා වගකීම් නිසිලෙස ඉටුකරමින් යහපත් කටයුතු වල වෙදෙමින් ඉතා සතුටින් ජීවත් වී විපාක දෙන කිසිදු කර්මයක් රැස් නාකොට කිසිදු බැදීමක් සිතේ නොතබා අභීතව මරණ ධර්මතාවයට මුහුණදී ඉන්පසු සැප හෝ දුක් විදීමට නැවත නූපදී යන්නයි.

     නමුත් අවාසනාවකට මන් පසු කලෙක ශාසනයට ඇතුලත් වී ඇති උදවිය විවිධ හේතූන් කරණ කොට ගෙන බුදු හිමිපාණෝ කිසිසේත්ම නොවදාළ "බුද්ධාගම" නම් වූ සංකල්පයක් අනිකුත් ආගම් වල ආභාශයෙන් හා බුදු දමේ ලෞකික කොටස් පමණක් හකතු කර ගෙන ඒ අයගේ අභිමතය පරිදි කිසිදු අර්ථයක් නැති නිවණක් හදුන්වා දීමත් එය භක්තියෙන් අදහමින් පැවත එන පිරිසක් දක්නට ඇත්තේ, මෙම දෘෂ්ඨීය  දැඩිව ග්‍රහණය කරගත් අති බහුතරයක් මෙය නුවණින් නොවිමසා , අඩුම වශයෙන් කාලාම සූත්‍රයෙහි ඇතුලත් කරුණු සතරමහාපදේස ආදී දම් කරුණු ගැන නොතකා තාවකාගික වූ ලෞකික සම්පත් වලට ගැතිවී ඉහල මට්ටමේ සිට තමාත් මුලාවී , ජනතාවද මුලා කරමින් නිවන් සම්පත් ප්‍රර්ථනා කරන ලෙසත් එය ගෞතම ශෘසනයේ නොව මතුබුදුවන බුදු කෙනෙකු හමුව්දී ලබා ගැනීමට ලෝකයාටම හඩ නගා කියන සවභාවයකුයි දක්නට ඇත්තේ. මෙය අනවබෝදයෙන් බුදු නාමය වැයකෙරෙන නාස්ති කරණ මහා ධනස්කන්ධයත් වෙහෙසීමත් නිස්සාර ක්‍රියාවක් මෙන්ම පාපයක්ද වනු ඇත.

      මේ අතර මෙම තත්වය සාවද්‍යබව තේරුම් ගත් පිරිසක්ද ගිහි-පැවිදි වශයෙන් නැතුවාම නාවේ. එහෙත් මෙලෙස අත්තනෝමතික හා මිථ්‍යාදෘෂ්ඨිය ගත් අදූර දර්ෂී බහුතරයක්වූ පුහුදුන් අයගේ නිළ බලය හමුවේ ඒ අය ලැජ්ජා බිය ඇත්තක් නිසා නිහඩය.

     මෙකී සත්‍ය කරුණූ තේරුම් ගෙන ඇති ප්‍රඥාවන්ත නිවුනු පැවතුම් ඇති ගිහි පැවිදි දෙපාර්ෂවයම අභියෝගයන්ට බියවී තවදුරටත් නිහඩව සිටීම ශාපයක් වනු ඇති නිසා තාක්ෂණයද දියුණු වී ඇති මේ යුගයේ මුලාවී සිටින අය කෙරෙහිද අනුකම්පා උපදවා ඒ අයට අවබොධයක් ඇතිවන පරිදි පෙලින් පෙලට සත්‍ය කරුණූ මතුකර යම් විවෘත කතිකාවතක් තුලින් හෝ බුදු දහමේ ඇත්ත ස්වාභාවය සමස්ත ජනතාවට සැකයකින් තොරව තමන් තුලම අවබෝදය ඇතිවන පරිදි යම් වැඩපිලිවලක් සැකසිය හැකිනම් එය මේ රටට පමණක් නොව සමස්ථ ලොකයටම ඉටුවන මාහැගි සේවාවක් මෙන්ම ධර්ම දානයක්ද වනු ඇත.....

තෙරුවන් සරණයි!
 

Thursday, June 9, 2011

මනුස්සකම,සාධාරණය,යුක්තිය හා සත්‍ය අගයන කාගේත් අවධානයටයි.| 1 වන කොටස

                 
                  ලෝකයාම සොයන සතුට,සැනසීම,දියුණුව හා සහජීවනය බුදු දහමේ පැහැදිළිව ගැබ් වී ඇත.එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඇතිවූ ආනේකවිධ දෘශ්ඨීන්,මත,අදූරදර්ශී සංකල්ප හා අදවන විට පුහුදුන් නිසා නිරායාසයෙන්ම මිනිසා තුල ඇතිවන තන්හාව නම්වූ ධර්‍මතාවය හේතුකොටගෙන ඇතිවන මමත්වයත්,ඒහා බැදුනු තරහව,වෛරය,පිළිගැනීම හා තරග කාරීත්වය මෙන්ම ධනයට හා බලයට පොරකෑමේ ප්‍රවනතාවයට හසුවී නොදැනිම මුලාවට පත්වී ඇත.මේ නිසා ලැජ්ජා-භය පේන මානයේ නැත.

                   දහම යනු සොබා දහම හා බැදුනු සකල මානවයාටත් සියළු සත්වයිව්ටත් ගහකොළ ඇතුලු පරිසරයටම බද්ද වූ දර්ශණයකි.එය පැහැදිලිවම යථාර්තයෙන්ම අවබෝධ කරගත් ූත්තමයා බුදුහිමි වහනසේය.බුදුදහම යනු සත්‍ය අවබොදයයි.

                   සියලු සත්වයින් අතර දියුණුකරගත හැකි මනසක් ඇති එකම සත්වයා මිනිසාම නිසා , බොධි සත්වයෙකු වශයෙන් මිනිසෙක්ව ඉපිද මනස හෙවත් සිත උපරිම කාලයකට දියුණුකරගත් තැනැත්තා "බුද්ධ" යන නාමයෙන්ද "බුදු හිමි" යනු සියලුම මානවයාට පොදු වූ ආධ්‍යාත්හික වස්තුවක් බවද පළමුව වටහා ගනිමු.

                   මුලින්ම නිර්‍මලව පැවති බුදුදහම කාලයාගේ ඇවෑමෙන් සියල්ල වනස් වන "අනිත්‍ය, යන ධර්මතාව අනුව, පසුකලෙක නිර්‍මණය වී ඇති විවිධ ඇදහීම් අනුව, නිකායභේද , ආගමික භෞද , ජාති-භේද , පක්ෂ භේද , උසස්-පහත් භේද හේතු කොටගෙන මිනිසා අද වන විට භෞද-භින්න වී දැවෙමින් , තැවෙමින් , අසහනයෙන් ජීවත් වී , පිං බලයෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් නොගෙන මුලාවී හැගීම් වලට වහල් වී , මෙලොව පමණක් නොව පරලොවද අසරණ භාවයට පත්කරගෙන ඇති බව නම් නොරහසකි.
     
                   බුදුහිමිපාණෝ ආදර්ශයෙන්ම අනුදැන වදාළේ මිනිසාම පමණි නිමක් නැති මේ සංසාර ගමනින් නිදහස් විය හැක්කේ ඒ සදහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය ඉතා පැහැදිලිව හා අර්ථවත්ව පෙන්වාදී ඇත්තේ , අප්‍රමාදීව ප්‍රායොගික වශයෙන් සිහිකල්පනාවෙන් දිවිගෙවමින් ,  තණ්හා , මාන , දිට්ඨී , අවිජ්ජා ආදියෙන් විනිර්මුක්තව ශාක්-සාත් කරගතහැකි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ඕනෑම මිනිසෙකුට ආර්‍ය්‍ය පුද්ගලයෙකු මුණගැසී , අසා දැනගෙන , තම උත්සාහය තුලින් සසර ජයගත හැකි දර්ශණයකි මෙහි ඇත්තේ , මෙය මෙය වටහාගත් ඕනෑම කෙනෙකු තම ජීවිතය ජය ගැනීමට ඒකාන්තයෙන්ම උත්සුක වනු ඇත. ඒ අනුව ඔවුන්ගේ ජීවිතය හා චරිතයද යහපත් වීම සමස්ත ප්‍රජාවටම ආශීර්වාදයක් වනු ඇත.